කොළඹ විශ්වවිද්‍යාලයේ දේශීය වෛද්‍ය ආයතනය සහ ශ‍්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය විද්‍යා පීඨයේ පර් යේෂණ කණ්ඩායමක් විසින් සායනිකව පර් යේෂණ මඟින් තහවුරු කොට සොයා ගත් ‘සුදර්ශන සස්පෙන්ෂන්’ නැමති ඖෂධය වාණිජකරණය සඳහා වසර 37 ක් පුරා ආයුර් වේද නිෂ්පාදන හා බෙදාහැරීමේ ක්ෂේත‍්‍රයේ ප‍්‍රමුඛපෙලේ ආයතනයක් වන බීම් හෙළ ඔසු ලංකා (පුද්) සමාගම සමඟ අවබෝධාත්මක ගිවිසුම් අත්සන් කිරීම පසුගියදා ශ‍්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාල පරිශ‍්‍රයේ දී ශ‍්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ උප කුලපති, ජ්‍යෙෂ්ඨ මහාචාර්ය, සුදන්ත ලියනගේ මහතා සහ බීම් හෙළ ඔසු ලංකා සමාගමේ සභාපති වෛද්‍ය බන්දුල රත්නසිරි පියරත්න මැතිතුමා ගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්විණි.
‘සුදර්ශන චූර් ණය’ අනාදිමත් කලක සිට දේශීය ආයුර් වේද වෛද්‍ය විද්‍යාවේ භාවිතා කරන ලද ප‍්‍රබල ඖෂධයකි. මෙම ඖෂධ සංයෝගයෙහි ගුණය හා බලය ජීව විද්‍යාත්මක හා සායනික පර් යේෂණයන්ට ලක්කර දේශීය ඖෂධ වර්ග 53 ක් දේශීය මීපැණි සමග සංයෝග කර ‘සුදර්ශන සස්පෙන්ෂන්’ නම් නව ඖෂධය නිෂ්පාදනය කරනු ලැබුවේ කොළඹ විශ්ව විද්‍යාලීය දේශීය වෛද්‍ය විද්‍යායතනය හා ශ‍්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වෛද්‍ය විද්‍යා පීඨයෙහි පර් යේෂක කණ්ඩායමක් විසිනි. එම පර්යේෂණ කණ්ඩායමට කොළඹ විශ්ව විද්‍යාලයේ ආචාර්ය වෛද්‍ය සරෝජා වීරකෝන්, කොළඹ විශ්ව විද්‍යාලයේ ආචාර්ය වෛද්‍ය කමල් පෙරේරා හා ශී‍්‍ර ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ මහාචාර්ය වෛද්‍ය සුගන්ධිකා සුරේෂ් හා ශී‍්‍ර ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ මහාචාර්ය වෛද්‍ය දුලානී ගුණසේකර යන මහත්ම මහත්මීන් ගෙන් සමන් විත විය.
මෙම ‘සුදර්ශන සස්පෙන්ෂන්’ ඖෂධය පර් යේෂණ කණ්ඩායමේ සහ විශ්ව විද්‍යාල ව්‍යාපාර සම්බන්ධතා ඒකකය විශේෂ අවසරය, අධීක්ෂණය සහ මගපෙන්වීම යටතේ නිෂ්පාදනය කර බෙදාහැරීමේ පූර්ණ නෛතික බලයලත් සමාගමවන්නේ ශ‍්‍රී ලංකාවේ ආයුර් වේද ඖෂධ නිෂ්පාදනය හා බෙදාහැරීමේ වසර 37ක හසළ පළපුරුද්දක් හිමි හා මෙරට ප‍්‍රමුඛතම ආයුර් වේද ඖෂධ නිෂ්පාදන සමාගමක්වන බීම් හෙළ ඔසු ලංකා (පුද්) සමාගම වන අතර සුදර්ශන සස්පෙන්ශන් (සුදර්ශන පැණිය) නමින් ඖෂධයක් නිපදවීමට වෙනත් කිසිදු ආයතනයකට හො සමාගමකට කිසිදු නීතිමය අයිතියක් නැත.
කොවිඞ් -19 වෛරස් ආසාදනය සඳහා දේශීය වෛද්‍ය අමාත්‍යංශය මගින් නිර්දේශ කරන ලද ඖෂධයක්වන ‘සුදර්ශන සස්පෙන්ෂන්’ සියළු උණ රෝග සමනයට විශේෂිත ප‍්‍රතිකාරකයක්වන අතර කැස්ස, සෙම්ප‍්‍රතිශ්‍යාව, උගුර බැරැුන්ඩි ගතිය, සොටු දියර ගැලීම, අසාත්මිකතාව, සමේ කැසීම්, ශ්වාසනාල ප‍්‍රදාහ, අලසබව, ආමවාත අවස්ථා, අක්මාවේ
කි‍්‍රයාකාරීත්ව වර්ධනය හා වෛරස හා බැක්ටීරියා ආසාදන සඳහා ප‍්‍රතිශක්ති වර්ධකයක් ලෙස සායනිකව තහවුරු කර ඇත.
ශ‍්‍රී ජයවර්ධන විශ්ව විද්‍යාලීය ඉතිහාසයෙහි දේශීය ඖෂධ සංයෝගයක් පර්යේෂණාත්මක සොයාගැනීමක් ලෙස වාණිජකරණයට පත් පළමු අවස්ථාව මෙය වන අතර නිෂ්පාදනය වෙළඳපලට හදුන්වාදීම පසුගියදා ශ‍්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ සනාතන මණ්ඩල ශාලාවේදී ඖෂධ නිෂ්පාදනය, සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන හා ආයුර් වේද ඖෂධ ප‍්‍රවර්ධනය, ග‍්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධනය හා ප‍්‍රජා සෞඛ්‍යය පිළිබඳ රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි, විශ්ව විද්‍යාල ප‍්‍රතිපාදන කොමිසමේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය, සම්පත් අමරතුංග, ශ‍්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ උප කුලපති, ජ්‍යෙෂ්ඨ මහාචාර්ය, සුදන්ත ලියනගේ, ශ‍්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයෙහි ව්‍යාපාර සම්බන්ධතා ඒකකයහි අධ්‍යක්ෂ, ආචාර්ය, ප‍්‍රියාන් පෙරේරා, කොළඹ විශ්ව විද්‍යාලයෙහි ව්‍යාපාර සම්බන්ධතා ඒකකයහි අධ්‍යක්ෂ, ආචාර්ය, නිශාන්ත සම්පත් පුංචිහේවා හා දේශීය වෛද්‍ය ආයනයෙහි අධ්‍යක්ෂ, මහාචාර්ය, පි‍්‍රයානී ඒ. පරණගම යන මහත්ම මහත්මීන්ගේ ප‍්‍රධානත්වයෙන්, බීම් හෙළ ඔසු ලංකා සමාගම වෙනුවෙන් එහි සභාපති වෛද්‍ය බන්දුල රත්නසිරි පියරත්න මැතිතුමා සහ එම මැතිණිය, කළමණාකාර අධ්‍යක්‍ෂක දේව් ලක්නාත් රණතුංග මහතා සහ එම මහත්මිය, අධ්‍යක්‍ෂක ජාත්‍යන්තර ව්‍යාපාර සම්බන්දතා ජානක රුක්මාල් වීරරත්න මහතා සහ එම මහත්මිය ඇතුළු ආයතනයේ කාර්යය මණ්ඩලයේ මහත්ම මහත්මීන්ගේ සහභාගීත්වයෙන් උත්කර්ෂවත් ලෙස පැවැත්විය.