බීම් හෙළ ඔසු ලංකා සමාගම ඖෂධීය ගුණයෙන් පිරිපුන් හා ප‍්‍රමිතියෙන් උසස් නව නිෂ්පාදන පෙළක් සම්මානනීය දේශීය වෛද්‍යවරුන්ගේ ප‍්‍රධානත්වයෙන් මාතර කඹුරුපිටියේ උපාලි විජයවර්ධන ශාලාවේ දී පසුගිය දා මෙරට දේශීය වෛද්‍ය ප‍්‍රජාවට හා වෙළෙඳපොලට හඳුන්වා දිණි.

බීම් හෙළ ඔසු ලංකා සමාගම වෙළෙඳපොළට හඳුන්වා දුන් නව නිෂ්පාදන වන්නේ “ඔක්ෂි ෆ්‍රෙෂ් මවුත් වොෂ් මුඛ සෝධනය” “සුවෝදා පස් පංගුව පේයාව” “සුවෝදා ඊසී ටී”  “ඉරමුසු ටී” “බෙලිමල් ටී” “වැල්මී පැණිය” “වාජිකරණ” හා සුවිශේෂී ශක්තිජනක ඖෂධයක්වන “වැල්පෙනෙල අමුක්කරා සිරප්” සීනි සහිත හා රහිතය.

වසර තිහකට පෙර බීම් හෙළ ඔසු ලංකා සමාගම ඇරඹුණේ රාජගිරිය දේශීය වෛද්‍ය විද්‍යාලයෙන් උපාධි ලත් වෛද්‍ය බන්දුල රත්නසිරි හා වෛද්‍ය ගුණවතී රූබසිංහ දෙපළගේ උත්සාහයෙන් හා කැපවීමෙන් ගොඩනැගූ ඉතා සුළු දේශීය ඖෂධ ව්‍යාපාරයක් ලෙසිනි.

නව නිෂ්පාදන පෙළ හඳුන්වාදෙමින් බීම් හෙළ ඔසු ලංකා සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ, දේව් රණතුංග මහතා පැවසුවේ “අප සමාගම පළමුවරට හඳුන්වාදුන් ‘බීම් කී‍්‍රම්’ නිෂ්පාදනයේ සිට නිපදවූ සියලූ ඹෟෂධීය නිෂ්පාදන මෙරට දේශීය වෛද්‍යවරුන් හා දෙස් විදේශීය පාරිභෝගිකයන්ගේ පැසසුම හා ඉල්ලූමට ලක්වීම අප සමාගම දිරිමත් කරන්නක්. මෙම නව ඖෂධීය නිෂ්පාදන පෙළ හඳුන්වාදීම සිදුවූයේත් එම පෙළඹවීම මතයි. අපේ සියලූ නිෂ්පාදන උසස් ප‍්‍රමිතියෙන් යුතුව සෞඛ්‍යාරක්ෂිතව නිපදවන්නේ සම්ප‍්‍රදායික ක‍්‍රම හා අතිනවීන යන්ත‍්‍ර ආධාරයෙන්. එමෙන්ම සියලූ නිෂ්පාදන සම්බන්ධයෙන් අප සමාගමේ පර්යේෂණ හා සංවර්ධන අංශය මගින් පැරණි ආයූර්වේද ඖෂධ වට්ටෝරු දේශීය ඖෂධ ඇසුරෙන් නිරන්තර අත්හදාබැලීම් සිදුකිරීමෙන් දිනෙන් දින ඒවායේ ප‍්‍රමිතිය වර්ධනය කෙරෙනවා. අපේ නිෂ්පාදන මෙරට ජනතාව හා විදේශගතව හිඳින ශී‍්‍ර ලාංකිකයන්ගේත් විශ්වාසය දිනා ඇත්තේ එහි උසස් ප‍්‍රමිතිය හා රෝග සුවකිරීමේ ගුණය හේතුවෙනුයි. මෙම නව ඖෂධීය නිෂ්පාදන පෙළත් විවිධ රෝගවලට සුවය ලබාදෙන්නක් වනු නොඅනුමානයි.” යන්න ය.

අවිස්සාවේල්ල මිරිස්වත්තෙහි ඖෂධ නිෂ්පාදන කර්මාන්තශාලාව පිහිටි බීම් හෙළ ඔසු ලංකා සමාගම ප‍්‍රමිතියෙන් උසස් නිෂ්පාදන හා පරිපාලන කි‍්‍රයාවලිය වෙනුවෙන් ISO 9001-2008 ප‍්‍රමිති සහතිකය හා G.M.P තත්ත්ව සහතිකය දිනූ සමාගමකි.

 

http://www.thecolombopost.net/?p=218633